CO-OP GIS යනු කුමක්ද?
ලෝකයේ දැවැන්තම ව්‍යවසාය ක්‍රමයක් වන සමුපකාරය ශ්‍රී ලංකාවේ ද විශාල පිරිසක් සදහා සේවා සපයන යාන්‍ත්‍රණයකි. කලින් කලට සිදුවූ රාජ්‍ය ප්‍රතිපත්ති මත ක්‍රියාකාරිත්වය මතු පිටින් නොපෙනෙන්නට තිබූ නමුත් එහි සමාජ දායකත්වය සුලුපටු නොවේ. කොවිඩ්-19 ගෝලීය වසංගතයට මුලු ලෝකය මෙන්ම අප රටද මුහුණු දෙමින් සිටින අවස්ථාවේදී මහජනයාට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ ගැටලුව විසදීමට සමුපකාර සමිති මගින් ලබා දුන් විසදුම් සුලු පටු නොවේ. එහෙත් එහි ව්‍යාප්තිය නිසි පරිදි රජයේ ආයතන වෙත එක් නිමේෂයකින් වඩා හොදින් නිරීක්ෂණය කිරීම සදහා තිබූ හිස් තැනක් ලෙස සමුපකාර ආයතන ව්‍යාප්තිය එක් ඩිජිටල් සිතියමක දැකගැනීමට නොහැකි වීමද එක් හේතුවක් විය. මෙම හිඩැස සම්පුර්ණ කිරීම සඳහා දිවයිනේ සියලුම සමුපකාර ඒකක ඩිජිටල් සිතියම් ගත කිරීම සඳහා නිර්මාණය කරන ලද පද්ධතිය මෙලෙස ඉදිරිපත් කරනු ලබයි.